ඇමතිවරුන්ට පහසුකම් නොමැති බවත් නිල රථයක් නඩත්තු කිරීමටවත් මුදල්, අමාත්‍යාංශ තුළ නොමැති බවත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ප්‍රකාශ කර තිබේ.


පොළොන්නරුව ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළ කළේය.



පසුගිය ආණ්ඩු සමයන් තුළ අමාත්‍යවරුන්ට වරප්‍රසාද තිබූ බවට තමා අසා තිබුණ ද වර්තමාන අමාත්‍යවරුන් ගෙවන්නේ අපහසු ජීවිතයක් යැයි ද සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.



නමුත් එම අසීරුතා මෙරට ජනතාව සහ අනාගත පරපුර වෙනුවෙන් විඳදරා ගැනීමට කටයුතු කරන බව ද රට ගොඩනැගීමට වර්තමාන අමාත්‍යවරුන් දිවි හිමියෙන් කැපවෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය