Slider

අමනාප වූ පෙම්වතිය යළි ගෙන්වාගැනීම සඳහා ඇගේ සහෝදරයා ගේ සත් හැවිරිදි දියණිය පැහැර්ගත් තරුණයා



අමනාප වූ පෙම්වතිය යළි ගෙන්වාගැනීම සඳහා ඇගේ සහෝදරයා ගේ සත් හැවිරිදි දියණිය පැහැර්ගත් තරුණයා අත්අඩංගුවට ගෙන ඇත.


පෙම්වතා සිය පෙම්වතිය ගෙන්වාගෙන තිබුණේ, දැරිය සමඟ සිටින ඡායාරූපයක් පෙම්වතියට යවා, ඇය නොපැමිණියහොත් දැරිය මරා දමන බවට තර්ජනය කරමිනි.


පසු ව දැරිය පෙම්වතිය ගේ ඥාති නිවසකට ගෙනගොස් දමා ඔහු සිය පෙම්වතිය රැගෙන පළා ගොස් තිබිණි.


ඒ අනුව පැහැර ගැනීමට ලක් වූ තරුණිය සොයා විමර්ශන ආරම්භ කළ මොරගහහේන පොලීසිය විසින් ඊයේ (14) සැකකාර පෙම්වතා හා පැහැරගැනීමට සහාය වූ ඔහු ගේ මස්සිනා ගෝනපිනුවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.



ඔවුන් ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී හෙළි වූ තොරතුරුවලට අනුව, ගෝනපීනුවල ප්‍රදේශයේම පිහිටි සැකකාර පෙම්වතා ගේ නිවසේ රඳවා සිටි තරුණිය ද සොයා ගැනිණි.


පැහැරගැනීමට සැකකරුවන් භාවිත කළ මෝටර් රථය ද පොලීසිය සොයාගෙන ඇති අතර, එය කුලී පදනම මත ලබාගත් එකක් බව අනාවරණ වී තිබේ.

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo