උත්සව සමයේදී කුකුළු මස් සහ බිත්තර මිල ගණන් තවදුරටත් පහළ යනු ඇති බව සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පවසයි.

එහි සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කළේ, වැට් බදු වැඩි කිරීම මගින් ආනයනික සත්ත්ව ආහාර මිල ගණන්වල ඉහළ යාමක් සිදුවුවහොත් මෙම තත්ත්වයේ වෙනසක් සිදුවිය හැකි බවයි.


සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන් ඔවුන්ගේ නිෂ්පාදන අඛණ්ඩව වෙළෙඳපොළට එවීම හේතුවෙන් මේවන විට රුපියල් 35 – 40 අතර මිලකට බිත්තරයක් අලෙවි කිරීමේ හැකියාවක් පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.