Slider

බැඳලා ඉවරවෙලා වාහනය පදවාගෙන එද්දි මම හොඳටම ඇඬුවා.කාවින්දයා කියන සංවේදී කතාව.

 


දක්ෂ කලාකාරිනිය පිළිබඳව පසුගිය කාලසීමාවේ දී බොහෝ දෙනෙක් වැඩිපුර කතා කළා.ඒකට හේතු වුණේ ඇයගේ චාම් විවාහ මංගල්‍ය උත්සවය.මේ විවාහ මංගල්‍ය උත්සවයට බොහෝ දෙනෙක් සහභාගි වූ අතර ඒක හරිම සුළුවෙන් සිද්ද වෙච්චි සරණ විවාහ මංගල්‍යයක් වුණා

කවින්ද්‍යා කවදාවත් බඳින්නේ කියලා ඉන්න තැන හිටපු කෙනෙක් හැබැයි ඇයගේ හිත වෙනස් කළේ සංගීත ක්ෂේත්‍රය තුළ ම තවත් දක්ෂයෙක් වෙච්චි  දනිදු පෙරේරා කියන තරුණයා.කොහොම නමුත් ජීවිතයේ හරි අපූරුවට වෙනස් කරගත්තු කාවින්ද්‍යා හැල හැප්පීම් මැද්දේ ජීවිතයට මුහුණ දීපු චරිතයක්.

ඒ වගේම මතුපිටින් පෙනෙන කාවින්ද්‍යා ට වඩා හිත ඇතුලෙන් ඉන්න කාවින්දයා බොහොම ශක්තිමත්.එනිසාම විවාහය සම්බන්ධයෙන් ඇය ගත් තීරණය ගැන අහපුවාම කාවින්ද්‍යා කිව්වේ මේ වගේ කතාවක්.

"විවාහ ගිවිස ගැනීමේ කටයුතු ඉවර ඉවරවෙලා මගේ වාහනය පදවා ගෙන එන ගමන් හොඳටම අඩලා මම මම ගැනම කල්පනා කළා. ඒකට හේතුව මට කොච්චර ආඩම්බර වෙන්න පුළුවන්ද කියලා.මම මුහුණ දීලා තියෙන දේ සමාජයේ දන්නවා උනත් මම මුහුණ දීපූ සමහර දේ මම හිතේ හංගාගෙන ඉඳලා තියෙනවා. ඒ සියලු දේ ගැන කල්පනා කරල කරලා මෙච්චර දුරක් ඉවසගෙන ඇවිත් හොඳට හිතලා බලලා ගත්ත මේ තීරණය ගැන පුදුම විදිහට සතුටු වෙනවා.මම ඒ ගැන ඇත්තටම ආඩම්බරයි."

ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඇය ඇයගේ අලුත් ජීවිතය පිළිබඳව අදහස් ඉදිරිපත් කරලා තිබුණේ කෙසේ නමුත් අපි කාවින්ද්‍යා ට සුබ මංගලම් කියා ප්‍රාර්ථනා කරන්නේ මු.

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo