සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි කර තිබේ.


ඒ ඊට අදාළ නව ගැසට් නිවේදනයක් නිකුත් කරමිනි.


සුදු සීනි පැකට් නොකළ කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 275ක් සහ පැකට් කළ කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 295ක උපරිම සිල්ලර මිලක් නියම කරමින් ඉකුත් 03 වනදා මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබුණි.



එසේම දුඹුරු සීනි පැකට් නොකළ කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 330ක් සහ පැකට් කළ කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල්350ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබුණි.


නව ගැසට් නිවේදනය මගින් එම මිල ගණන් ඉවත් කර තිබේ.