විටෙක ගායකයෙක් ලෙසත් තවත් අවස්ථාවකදී නිවේදකයෙක් ලෙසත් එ වගේම දේශපාලන වේදිකාව තුළ දේශපාලනඥයෙක් ලෙසත් විවිධ තනතුරු නියෝජනය කරපු ඔහු නමින් මධුමාධව අරවින්ද.මධුමාධව අරවින්දගේ ආදරණීය පියා තමයි විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන ගේ සොහොයුරා වූ සුනිල් සිරිවර්ධන.

ඉතින් පසුගිය දවසක අවුරුදු අසූ දෙකක් ආයු වළඳා කාටවත් කරදරයක් නොදී මධුමාධව අරවින්දගේ ආදරණීය පියාණන් මේ ලෝකෙන් සමු ගත්තා.ඔහු අවසන් කැමති පත්‍රය තුළ  සඳහන් කරලා  තිබුනේ  ඔයාලගේ කරෙන් මාව ගෙනියන්න කියනදේ විතරයි.ඒ වගේම තමයි තමන්ගේ  ආදරණීය සැමියාගේ වියෝව මධුමාධව අරවින්ද ගේ මව දරා ගත්තේ කෙසේද කියා අහපු අවස්ථාවකදී ඒ සංවේදී අවස්තාව ගැන මධුමාධව කිව්වේ මේ වගේ කතාවක්.

"අපේ තාත්තා අපේ අම්මට කිව්වේ ආදරේට අචිකා කියලා. අපේ අම්මා කවදාවත් අඩන්නේ නැති කෙනෙක්. තාත්තා කිව්වා බලන්න පුතේ මම මැරුණ දවසටවත් මගේ අචිකා අඬන්නේ නැහැ. එයා කඩා වැටෙන ගැහැනියක් නෙවෙයි. අචිකා යකඩ ගැහැනියක් කියලා කිව්වේ. ඇත්තටම අම්මා මේ මුළු සිද්ධියම නිහඬවම බලන් හිටියා. හැබැයි අන්තිමට අයියා මම සහ මල්ලි ආදාහනාගාරයට තාත්තාගේ දේහය ඇතුළු කරද්දී, තාත්තට වැරදුණා. තාත්තගේ අචිකා කඩන් වැටුණා."

ලෝකයේ තියෙන්නේ ටාම් ඊම් පමණයි ආවොත් යන්නම සිද්ධ වෙනවා ඉතින් මේක කාටත් පොදුයි. එනිසාම මධුමාධව අරවින්ද කලා කරුවාගේකරුවාගේ ආදරණීය පියාට අපේ උතුම් නිවන් සැපත ප්‍රාර්ථනා කරන්නෙමු.