''ටයිම්'' හරියටම බලන්න ක්‍රිකට්වලට විරාම ඝටිකාව භාවිතය ඇරඹේ

 


එක්දින සහ T20 ක්‍රිකට් තරගවලදී කාලය නාස්ති කිරීම වැළැක්වීමට නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.


ක්‍රීඩා කිරීමේ වේගය නියාමනය කිරීම සඳහා ඒ අනුව විරාම ඝටිකාව භාවිත කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගැනීමට නියමිතය.


පන්දු ඕවර දෙකක් අතර ගතවන කාලය ඒ අනුව නියාමනය කෙරෙයි.


2023 දෙසැම්බර් සහ 2024 අප්‍රේල් අතර කාලය තුළ මෙම ක්‍රමවේදය අත්හදාබැලීමට නියමිත බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි.


ICC නිවේදන කරන ආකාරයට එම නීතිය පෙර එක් පන්දු ඕවරය නිමා කර විනාඩියක් ඇතුළත ඊළඟ ඕවරය යැවීමට පන්දු රකින කණ්ඩායම සූදානම් නැතිනම්, එය ඉනිමක තුන්වැනි වරක් සිදුකළ විට ලකුණු 5ක දඩයක් පනවනු ලැබේ.


Comments

Popular posts from this blog

මේ පාර අකිලට දුවෙක්ද පුතෙක්ද? අකිල හංගන් හිටපු රහස පළමු වතාවට හෙළි කරයි

මම වැරදි කෙනෙක්ට ආදරේ කරා.එයා විවාහ වෙලා කියලා කිව්වේ නැහැ.එයා දැන් නැති නිසා ඒ ගැන කතා කරලා වැඩක් නැහැ

මම මගේ දරුවාගේ පියාගෙන් අයින් වෙද්දි දරුවා වෙනුවෙන් කිසි මුදලක් ඉල්ලුවේ නැහැ. ලෝයර් මට බැන්නා