අභිරසක් ඉතිරි කර නික්ම ගිය ෂාෆ්ටර්ගේ දේහය ඥාතීන්ට

 


මාස 06කට ආසන්න කාලයක් පොලිස් ආරක්ෂාව යටතේ කරාපිටිය රෝහලේ තැන්පත් කර තිබූ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය යළි ඥාතීන් වෙත භාරදීම අද (04) දිනයේ සිදු සිදුවිය. ඒ, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් තීන්දුවකට අනුවයි.


බොරැල්ල පොදු සුසාන භුමියේ මිහිදන්කර තිබූ ශාෆ්ටර්ගේ දේහය අධිකරණ නියෝගක් මත ඉකුත් මැයි මස 25වන දින පංච පුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි මණ්ඩලයක් ඉදිරියේ ගොඩගනු ලැබුවා.

ඒ, එතෙක් අභිරහසක්ව පැවති ඔහුගේ මරණය සිදුව ඇති ආකාරය පිළිබඳව නිශ්චිතව තහවුරු කර ගැනීම සඳහායි.



අනතුරුව විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලය හමුවේ දේහය සම්බන්ධයෙන්වන පශ්චාත් මරණ පරීක්ෂණයක් නැවත සිදුකෙරුණේ අධිකරණ නියෝගයකට අනුවයි.

එම පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය වෙත රැගෙන එම සිදුවිය.


ඉන් අනතුරව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර්ගේ මරණයට හේතුව පසුගිය පළමු වනදා ප්‍රකාශයට පත්කරනු ලැබු අතර ඉන් හෙළි වූයේ මෙම මරණය ගෙළ සහ මුහුණ මත ඇති වූ පීඩනයක් මත සිදුවී ඇති බවයි.


ඒ, අනුව මෙම සිද්ධිය හරහා අපරාධයක් සිදු වී ඇතැයි තීන්දු කළ මහේස්ත්‍රාත් අධිකරණය ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබේ.

ඉන් අනතුරුව අධිකරණය නියෝග කළේ කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇති දේහය දිනේෂ් ෂාෆ්ටර්ගේ ඥාතීන් වෙත භාරදීමටයි.

ඒ, අනුව අද (04) පෙරවරුවේ ඔහුගේ ඥාතීන් පැමිණ දේහය භාර ගැනීම සිදු විය.

Comments

Popular posts from this blog

මේ පාර අකිලට දුවෙක්ද පුතෙක්ද? අකිල හංගන් හිටපු රහස පළමු වතාවට හෙළි කරයි

මම වැරදි කෙනෙක්ට ආදරේ කරා.එයා විවාහ වෙලා කියලා කිව්වේ නැහැ.එයා දැන් නැති නිසා ඒ ගැන කතා කරලා වැඩක් නැහැ

මම මගේ දරුවාගේ පියාගෙන් අයින් වෙද්දි දරුවා වෙනුවෙන් කිසි මුදලක් ඉල්ලුවේ නැහැ. ලෝයර් මට බැන්නා