එක්දින ශතක 50ක් රැස් කරමින් සචින් තෙන්ඩුල්කාර් සතුව පැවති වැඩිම එක්දින ශතක වාර්තාව තමා සතු කරගත් සුපිරි පිතිකරු විරාට් කෝලිහට සිය අවසන් එක්දින තරගයේ භාවිතා කල ජර්සිය තෑගි කිරීමට සචින් තෙන්ඩුල්කාර් ඊයේ (19 වැනිදා) කටයුතු කළේය. 


ලෝක කුසලාන අවසන් මහා තරගය ආරම්භ වීමට පෙර සචින් මෙම ත්‍යාගය කෝලිට පිරිනැමුවේය.


සචින්ගේ අවසන් එක්දින තරගය වූ 2012 ආසියානු කුසලාන තරගාවලියේදී පකිස්තානයට එරෙහි තරගයේ ඔහු භාවිත කළ මෙම ජර්සියේ සචින් සිය අත්සන සමඟින් “විරාට්, ඔබ අපට ආඩම්බරයක්!” යනුවෙන් සටහන් කර තිබුණි.