බදුල්ල, හම්බන්තොට, මහනුවර, කෑගල්ල, මාතර, රත්නපුර, දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණනාවක් සඳහා අද (07) පස්වරු 3.00 දක්වා වලංගු වන පරිදි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය නායයෑම් පිළිබඳ දෙවන සහ පළමු අදියරේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙයි.

ඒ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙනි

ඊයේ (06) පෙරවරු 8.30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මිලි මීටර් 150ක් ලෙස හක්වටුනා ඔය ප්‍රදේශයෙන් වාර්තා විය.