කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය විසින් ලංකා සතොස ආයතනයට සපයන ලද කුළුබඩු වෙනුවෙන් රුපියල් එක්කෝටි විසි ලක්ෂයක මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි අනාවරණය වේ.


ඉකුත් වසර දෙකක කාලය තුළදී කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය විසින් ලංකා සතොස ආයතනයට සපයන ලද කුළුබඩු වෙනුවෙන් මෙම මුදල අයවිය යුතුව ඇතැයිද එම මණ්ඩලයේ ආරංචිමාර්ග කියයි.


කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ ප්‍රගතිය සොයා බැලීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර එම මණ්ඩලයේ කරන ලද නිරීක්ෂණ චාරිකාවකදී මෙම තොරතුරු අනාවරණයවී තිබේ.