Slider

හස්බන්ට වෙන ගෑනු ළමයි සහ මට වෙන පිරිමි ළමයි හිටියා.අවුරුදු දහයකට පස්සේ මගේ ප්‍රථම ආදරේ හම්බවුණා



නිරූපිකාවක් අති දක්ෂ නර්තන ශිල්පිනියක් විදිහටත් ක්ෂේත්රය තුළ ප්‍රසිද්ධ වෙච්ච ඇය සාරා අබේවර්ධන. සාරා ගැන කතා කරද්දි ඇයව රියැලිටි වේදිකාවේ විනිසුරුවරියක් ලෙසත් කාලයක් වැඩ කටයුතු කළා.ඒ වගේම අය මේ වන විට ගර්භනී කාන්තාවක්.

නමුත් ඒ සියලුම දේවල් එක්ක සාරා හරි අපූරුවට නටනවා.එනිසාම ප්‍රෙඩ්නට් වෙලා ඉද්දිත් ඩාන්ස් කරනවා කියලා සමාජයේ බොහෝ දෙනා  විවේචන පවා එල්ල කළා.  නමුත් සමාජයට ඕනෙ විදියට නෙවෙයි තමන්ට ඕනේ විදියට ජීවත් වෙන අය මේ කිසිම දෙයක් ගැන හිතන්නෑ.ඒ වගේම තමයි ඇයට තියෙන්නේ හරි අපූරු සුන්දර ආදර කතාවක් කෙනෙක්ට විශ්වාස කරන්නවත් බැරි කතාවක්.ඉතින් ඇය ඒ ගැන කිව්වෙ මේ වගේ දෙයක්.

"177 බස් එකේ ක්ලාස් ඇරිලා ගෙදර එද්දි තමයි එයාව මම මුලින්ම දකින්නේ. ඒ දවස්වල මම නෙට්බෝල් කරන කාලේ. මගේ මූණේ පිම්පල් එකයි. ස්කින් රූටින් ඒ දවස්වල නැහැ. අපිට එහෙම සල්ලි තිබ්බෙත් නැහැ. අතට අහුවෙන සබන් කෑල්ල ගාන කාලේ. මගේ ජීවිතේ මුලින්ම පිරිමි කෙනෙක්ට කියලා හිත ගිය එකම කෙනා ඔහු. 

බස් එකෙන් බහිද්දී එයා මට කාඩ් එක දීලා ගියා. මාස හයක් විතර අපි කතාබහ කළා. නමුත් ඊට පස්සේ එයාට වෙන රටකට යන්න වුණා වැඩිදුර ඉගෙනීම් කටයුතු එක්ක. ඒ නිසා අපේ ආදර සම්බන්ධය නතර වුණා. ඊට පස්සේ එයාට වෙන ගැහැනු ළමයි සහ මට වෙන පිරිමි ළමයි හිටියා. නමුත් අවුරුදු දහයකට පස්සේ මගේ ප්‍රථම ආදරේ හම්බ වුණා. ඒ වෙලාවේ හිතා ගත්තා අපි මැරි කරමු කියලා. දැන් අපි මැරි කරලා අවුරුදු දෙකහාමාරක් වෙනවා."

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo