අදට (12) යෙදී ඇති දීපවාලි උත්සවය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක සුරාසැල් වසා තැබීමට තීරණය කර තිබේ.


ඒ අනුව නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල සුරාසැල් වසා තැබෙන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරුණාචලම් අරවින්ද්කුමාර් සඳහන් කළේය.



රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ තමන් සුරාබදු දෙපාර්තමේන්තුවෙන් කළ ඉල්ලීමකට අනුව එම දෙපාර්තමේන්තුව ඒ සඳහා අවසර ලබාදුන් බවයි.