සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති දේශමාන්‍ය ලලිත් කොතලාවලගේ මරණය ස්වාභාවික මරණයක් බවට අධිකරණ වෛද්‍යවරයා අධිකරණයට දැනුම් දී තිබිණි.


නමුත් සෙලින්කෝ තැන්පත්කරුවන් ගේ සංගමයේ සභාපති ජූඩ් මාකෝ පෙරේරා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (03) ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කරමින් පැවසුවේ, එම මරණය ස්වාභාවික මරණයක් ලෙස හුවාදැක්වීමට කොතලාවලගේ නිතීඥවරු ඇතුළු කිහිප දෙනෙකු කුමන්ත්‍රණය කර ඇති බවයි.



එම පිරිස්, ලලිත් කොතලාවල බිරිඳ සමඟ ජීවත් වූ නිවසින් ඔහු ඉවත් කොට කොළඹ ෆොන්සේකා මවතේ පිහිටි ඔහු ගේ කාර්යාලය වෙත බලහත්කාරයෙන් රැගෙන ගොස් වාතාශ්‍රය පවා නොලැබෙන කාමරයක රඳවා සිටි බව ජූඩ් මාකෝ වැඩිදුරටත් සඳහන් කරයි.



එම කාලය තුළ දී ලලිත් කොතලාවල ට නිවිතිය මිශ්‍ර සුප් වර්ගයක් සහ තැඹිලි වතුර විටින් විට පානය කිරීමට සලස්වා ඇති බව ඔහු අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.



මෙම සියලු අනීතික ක්‍රියා සිදු කොට ඇත්තේ, ලලිත් කොතලාවල අනාථ නිවාසයකට යොමු කරන බවට තර්ජනය කරමින් බව ද සාක්ෂිකරු අධිකරණය හමුවේ පෙන්වා දී තිබේ.