Slider

නැපෝලියන්ගේ ‘තොප්පිය’ වෙන්දේසියේ



ප්‍රංශයේ මහා අධිරාජයා ලෙස විරුදාවලි ලත් නැපෝලියන් බොනපාට් එවකට භාවිත කළ හිස් වැස්මක් ඊයේ පැරීසියේදී වෙන්දේසිගත කිරීමට නියමිත තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔහුට අයත් එම කළු පැහැති හිස් වැස්මට තබා ඇති මූලික ලංසුව යූරෝ ලක්ෂ 6ක් බවත් වාර්තා වේ.

එවකට ප්‍රංශ අධිරාජයාගේ තේජස ඔප් නැංවීමට ප්‍රබල සාධකයක් බවට පත් වූ බව කියන ඔහුටම ආවේනික මෝස්තරයෙන් යුතු එම හිස්වැස්ම ඔහුගේ සංකේතය බවත්, ඔහු යුද පිටියේදී එම මෝස්තරයේ හිස්වැසුම් භාවිත කළ බවත් එරට ඉතිහාසඥයන් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.

 එමෙන්ම නැපෝලියන් අධිරාජයා සතුව මෙවැනි හිස්වැසුම් 120ක් පමණ තිබූ බවත්, ඒවායින් 20ක් පමණ දැනට විවිධ පුද්ගලයන් සතුව ඇති බවත් ඉතිහාසඥයන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo