ඉදිරියේ දී කුමන මැතිවරණයක් පැවැත්වූවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉන් ජය ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේය.


ඒ මහතා මේ බව කියා සිටියේ, ගම්පහ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.



මැතිවරණය සඳහා සුදුසු අපේක්ෂකයෙකු අවශ්‍ය වේලාවට ඉදිරිපත් කරන බව ද හෙතෙම පැවසීය.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ 78 වන ඡන්ම දිනය නිමිත්තෙන් ගැබිණි මව්වරුන් 420 දෙනෙකුට දිවා අහාරය පිරිනැමීම හා ගැබිණි මව්වරුන්ට අවශ්‍ය කරන සනීපාරක්ෂක ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් පිරිනැමීමේ පිංකමක් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සංවිධාන කර තිබිණි.


ඒ, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඇතුළු ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරු විසින්.



එහි දී එම දිස්ත්‍රික්කයේ සියලුම ආසනයන්හි අඩු ආදායම්ලාභි ගැබිණි මව්වරුන් 420 දෙනෙකුට අවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය, රුපියල් 5000ක මුල්‍ය ආධාරයක් හා දිවා ආහාර වේලක් ද ලබා දී තිබේ.