ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ විභාගය දෙසැම්බර් මස පළමු සතියේ දී පවත්වා මාස තුනක් ඇතුළත පත්වීම් දී අවසන් කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.


අග්‍රාමාත්‍යවරයා පැවසුවේ 3000ක් පමණ වූ ග්‍රාම නිලධාරී පුරප්පාඩු සඳහා ඉල්ලූම්පත්‍ර කැඳවා ඇති බවයි.



නීත්‍යානුකූලව ඒ සියලු ඉල්ලුම්පත්ලාභීන්ට විභාගයට සහභාගිවීමට අවස්ථාව ලබා දෙන බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය. 



 

“අලුත් ගමක් – අලුත් රටක්” ජාතික වැඩසටහනට සමගාමීව වව්නියා දිස්ත්‍රික් ආහාර සුරක්ෂිතතා වැඩසටහන වව්නියා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීම් අවස්ථාවේ දී අගමැතිවරයා මේ බව සඳහන් කළේය. 




 

ග්‍රාම නිලධාරී පුරප්පාඩු ඇති දුෂ්කර ප්‍රදේශවල විශේෂ සුදුසුකමක් මත විභාගය පැවැත්වීමෙන් අනතුරුව පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.