Slider

ක්‍රිකට් ආයතනයෙන් ලබන වැටුප වෙනත් රටක සේවය කළා නම් සති පහකින් ගන්නවා

 


තමන් ශ්‍රී ලංකාවෙන් ලබන වැටුප වෙනත් රටකට සේවය සැපයුවේ නම්  සති පහකින් ලබන වැටුපක් බව ශ්‍රී ලංකා පුහුණුකරු උපදේශක මහේල ජයවර්ධන මහතා පැවසීය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ පුහුණුකරුවන්ගේ වැටුප් ප්‍රචාරය කරමින් ජනතාවට වැරදි අදහසක් දීම පිළිබඳව කණගාටු වන බවත් ඔහු පැවසීය.

ඒ පිළිබඳව සිත් තැවුලක් ඇති බවත් පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ අදහස් ප්‍රකාශ කරන පුද්ගලයන්ට එම අදහස් ක්‍රීඩා අමාත්‍යාංශයට හෝ පැමිණ ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටින බවද ඔහු වැඩිදුරටත් පැවසීය

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo