TikTokහි අන්තර්ගතය සමාජ සංහිඳියාවට හානිකර බව පවසමින් නේපාලය ,චීනයේ නිශ්පාදිත TikTok සමාජ මාධ්‍ය තහනම් කර ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.


සියලුම සමාජ මාධ්‍ය ආයතන විසින් රට තුළ සම්බන්ධතා කාර්යාල පිහිටුවීමට අවශ්‍ය වන නව රීතියක් රට හඳුන්වා දීමෙන් දින කිහිපයකට පසුවයි මෙම තීරණය ගෙන තිබේ.


මාසික පරිශීලකයින් බිලියනයක් පමණ සිටින TikTok ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක් විසින් මුලින් තහනම් කරණු ලැබුවා.



මෙම වසර මුලදී, මොන්ටානා එය තහනම් කළ පළමු එක්සත් ජනපද ප්‍රාන්තය බවට පත් වූ අතර එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව තුළ එය භාවිතා කිරීමද තහනම් විය.



නේපාලයේ සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය රේඛා ෂර්මා බීබීසීයට පවසා ඇත්තේ TikTok වේදිකාව අශිෂ්ට අන්තර්ගතයන් පතුරුවා හරින බවයි.තහනම් කිරීම වහාම ක්‍රියාත්මක වන බවත්, එම තීරණය ක්‍රියාත්මක කරන ලෙස බලධාරීන්ට උපදෙස් දී ඇති බවත් ඇය වැඩිදුරටත් පැවසුවා