ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩිකාවකගේ තොල් පෙති සිපගත් ස්පාඤ්ඤ හිටපු පාපන්දු සභාපතිවරයාට පාපන්දු ක්‍රීඩාවට අදාළ සියළුම ක්‍රියාකාරකම්වල නියැලීමේ තෙවසරක තහනමක්

පැනවීමට ජගත් පාපන්දු සම්මේලනය (FIFA) තීරණය කර තිබෙනවා. 


ගෝලීය මාධ්‍ය සිරස්තල මැවුනු ස්ත්‍රීභාවයට නිගා කළ මේ නින්දිත හැසිරීම නිසා ස්පාඤ්ඤ ඓතිහාසික ජයග්‍රහණයේ දීප්තිය මත අඳුරු පැල්ලමක් වැටුනා.

මෙවර කාන්තා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ස්පාඤ්ඤ ක්‍රීඩා මෙහෙයුම අමතක නොවන එකක් වන්නේ ලෝක කුසලාන තරගාවලියක අවසන් කණ්ඩායම් 16න් ඉදිරියට ස්පාඤ්ඤ කණ්ඩායමක් පැමිණියේ ප්‍රථම වතාවට වූ බැවින්.