නිරංජනී ශන්මුගරාජා කියන්නේ  ජාත්‍යන්තර සම්මාන පවා හිමි කරගත්තු අතිශය දක්ෂ රංගන ශිල්පිනියක්. පසුගිය කාල සීමාව පුරාවටම ඇය පිළිබඳව කතාබහ කරන්න පටන් ගත්තේ සුනාමි චිත්‍රපටය වෙනුවෙන් ඇය දැක්වූ අද්විතීය රංගන කුසලතාව සහ ඒ වෙනුවෙන් ඇයට හිමිව ජාත්‍යන්තර සම්මාන නිසයි.

රංගන ශිල්පිනියකට අමතරව අද වන විට ජාතික රූපවාහිනියේ නිවේදිකාවක් විදිහට කටයුතු කරන ඇය සඳහන් කරන ආකාරයට ඇයගේ පළමු රැකියාවක් ජාතික රූපවාහිනියෙ නිවේදන වෘත්තියයි.තාමත් තනිකඩ ජීවිතයක් ගතකරන නිරන්ජනී අද වන විට චිත්‍රපටි දහයකට තමන්ගේ රංගන කුසලතාවයෙන් දායකත්වය දක්වලා තියෙනවා.එනිසාම ඇය අද ඉන්න තත්ත්වය ගැන සහ ජීවිතය ගැන කිව්වේ මේ වගේ කතාවක්.

"අපි ලස්සනට ඉන්නවා කියන එක වෙනම එකක් හේතු වයසට යනවා කියන එක නවත්තන්න බැහැ.lifeඑක කියන්නේ enjoy කරන්න ඕනි දෙයක්.ඒ නිසා වයසට යන එක ගැන මම නම් සතුටුයි.මට තිස් හතරක් කියලා මම කියන්නේ ආඩම්බරයෙන්.මොකද මම පරිණත බව මම දන්නවා විසි ගණන් වල දී ගත්ත තීන්දු තීරණ වැරදි බව මම දැන් දන්නවා.අවුරුදු තිස්හතරක් හැලහැප්වීම් මත ජයග්‍රහණ රැසක් එක්ක ජීවිතය ගෙවීම මාර ලස්සන කතාවක්. මේ අවුරුදු 34 ට මම ෆිල්ම් දහයක් කළා රටම දන්න නිළියක් වුණා"

ඉතින් ඔන්න ඔය විදියට තමයි ඇය ඇයගේ ජීවන කතාව පිළිබඳව අදහස් දැක්වූයේ.