මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක ට මරණීය තර්ජන සහ කප්පම් ගැනීමට උත්සාහ කළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.


කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඔහු ව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.



සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලම්පිටිය තැපැල් කාර්යාලය අසලදී ය.


වයස අවුරුදු හතළිස් දෙකක් වන සැකකරු මාතර සුල්තානා ගොඩ පදිංචිකරුවෙකි.


අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12ක් ද තිබුණු බව පොලීසිය වාර්තා කර ඇත.