විෂබීජයක් ශරීරගතවී රෝහල්ගතවූ පනස්තුන්හැවිරිදි පුද්ගලයකුට ප්‍රතිජීවක ඖෂධ ලබා දීමෙන් පසු මිය යාමේ සිද්ධියක් දුනුකේදෙණිය ප්‍රාදේශීය රෝහලෙන් වාර්තා වෙයි.


ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවදානම් ඇගයීම් අනුකමිටුව මගින් තාවකාලිකව භාවිතයෙන් ඉවත් කරන ලෙස දන්වා තිබූ co-Amoxiclave ප්‍රතිජිවක ඖෂධය මෙන්ම Flucloxacilli ප්‍රතිජීවක ඖෂධයද විනාඩි විස්සක් ඇතුළත රෝගියාට ලබාදීමෙන් පසු ඔහු මිය ගිය බව දුනුකේදෙණිය රෝහල පවසයි.


කකුලේ සෑදුනු තුවාලයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට මෙම රෝගියා රෝහලට පැමිණ තිබේ.‍


මෙම මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ඇති අතර එහිදි අනාවරණය වී ඇත්තේ හෘදයාබාධයකින් සහ විෂබිජයක් ශරීරගතවීමෙන් මරණය සිදුව ඇති බවයි.



මේ පිළිබඳව ස්වස්ථා පරිගණක පද්ධතියට දැනුම් දීමට රෝහල් බලධාරින් කටයුතු කළත් එම උත්සාහය වැලකීම නිසා තැපැල් මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිපියක් යොමු කර ඇත.


co-Amoxiclave භාවිත කිරීමෙන් ඇතිවූ අසාත්මිකතා නිසා මීට පෙර මරණ තුනක් වාර්තා විය. ඒ නිකවැරටිය, රාගම, කරවනැල්ල සහ වතුපිටිවල රෝහල්වලිනි.