ජානු ටෙලි නිර්මාණය හරහා  අලුත් රංගන ශිල්පිනියක් ලෙස කරලියට ආපු ඇය නමින් ඉෂිනි විජේසිංහ.හැබැයි ඇයව කවුරුත් අඳුරන්නෙ නෝරා වලාකුළ කිවුවහම. ඉතින් මේ රංගන ශිල්පිනියට ඉතාමත් කෙටි කාලයකින් බොහෝ දෙනෙක් ආදරය කරන්න පටන් ගත්තා.

කොහොම නමුත් කැරකිලා අන්තිමට ඇය කලාවට ආව විදිහ පිළිබඳව සතියක පුවත්පතක් සමග එකතුවෙලා කිව්වේ මේ වගේ කතාවක්.

"මීට අවුරුදු දෙකකට විතර කලින් තමයි මම කලාවට යොමු වෙන්න ආස කළේ.පුංචි කාලෙ ඉඳල කිසිම හීනෙක තිබුණු ආසාවක් නෙවෙයිනේ ඉෂ්ට කරගත්තේ.ගෙවුණු අවුරුදු දෙක ඇතුළත හිතුනු දෙයක් තමයි මම ජීවිතයට ළඟා කර ගත්තේ"

ඉතින් ඒ විදිහට අදහස් දක්වන ඇය වෙනස් වෙනස් දේවල් අත්හදා බලන්න කැමතියි රංගන ශිල්පිනියක්. ඒ වගේම බොහෝ දෙනෙක් ඇයගෙන් අහන තිබුණා ඒ මේ වෙද්දි ආදරවන්තියක් ද කියලා.ඒ දේවල් ගැනත් ඇය කිව්වේ මේ වගේ කතාවක්.

"හරිම හුදෙකලා චරිතයක් මම.මට යාලුවො හිටියේ නෑ.යාලුවෝ නැති නිසා පාසලේදී මම වැඩිපුරම හිටියේ පුස්තකාලෙ.මම පොත් කියවන්න ගොඩක් කැමති කෙනෙක්.ඒ වගේම මම ආදරවන්තියක් හැමෝම මට ආදරේ කරනවා සහ ආදරය කරනවා,ආදරය බෙදෙනවා එහෙම බැලුවොත් මම ඇත්තටම ආදරවන්තියක්."