ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ගෙල සහ මුහුණ මත ඇතිවූ   පීඩනයක් මත සිදුවූවක් බවට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කරයි.

 මේ අනුව මෙම මරණය අපරාධයක් බවට තීන්දු කළ මහේස්ත්‍රාත්වරිය ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක වරයාට දැනුම් දී ඇත.

අධිකරණය විසින් පත් කරනු ලැබූ පංච පුද්ගල වෛද්‍යව කණ්ඩායමක් විසින් ඔහුගේ මරණ පරීක්ෂණ කටයුතු සිදු කර ඇත.