Slider

ශලනි ආදරේට මට තාත්තා කියලත් කියනවා.වෙලාවකට ශලනි මට මගේ දරුවෙක් වගේ.

 


දෙවෙනි ඉනිම ටෙලි නිර්මාණය හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආපු ඇය ආකර්ෂණීය රංගන ශිල්පිනී ශලනි ප්‍රනාන්දු. ශලනි ගැන කතා කරද්දි ඇය ඉතාමත් කෙටි කාලයක් තුළ ටෙලි නිර්මාණයන් හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආපු රංගන ශිල්පිනියක්.

ඒ නිසාම දක්ෂතාවය තුළින් කැපී පෙනෙන චරිතයක් වෙන්න ඇයට හැකියාව ලැබුණා.මෙ දවස්වල බොහෝ දෙනෙක් ශලනිට ආදරය කරන්නේ ලොක්කී ටෙලි නිර්මාණය ඇය විසින් රඟ දක්වන ප්‍රධාන චරිතය නිසයි. ඒ වගේම තමයි ශලනි පසුගිය දවසක විවාහ ජීවිතයට ඇතුළත් වුණා.  ඒ ඇයගේ හොඳම යාලුවා සමග ඔහු ප්‍රසිද්ධ ටෙලි නාට්‍ය  අධ්‍යක්ෂකවරයෙක්. ඉතින් ඔහු ශලනිත් එක ගත ගත කරන ජීවිතය ගැන පසුගිය දවසක ප්‍රසිද්ධ වැඩසටහනක දී කියලා කියලා තිබුනෙ මේ විදිහටයි.

"සමහර වෙලාවකට පොඩි ළමයෙක් බලාගන්නවා වගේ.යාලුවෝ අහනවා උබ හදාගන්න බබෙක් අර ගත්තද කියලා. සමහර වෙලාවට මෙයා ආදරේට මට අයියෙක් කියනවා.තාත්තේ කියලත් කියනවා.එතකොට මට මෙයා ගැන වෙනම හැඟීමක් දැනෙනවා.වෙලාවකට මගේ මෙයා හොඳම යාළුවා.වෙලාවකට මගේ වයිෆ්,වෙලාවකට මගේ දරුවෙක් වගේ"

ඉතින් ශලනි ව ඔහුට දැනෙන්නේ ඔන්න ඔය විදියට.තවත් බොහෝ කාලයක් දෙන්නටම ඉතාමත් ආදරෙන් ජීවිතය ගත කරන්නට හැකියාව ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo