කොළඹ නගරයේ සුපිරි වෙළඳසැල් හා නිවාසවල සවිකර තිබෙන වායු සමීකරණ යන්ත්‍රවල කොටස් ගලවා සොරා ගෙන යාමට පුරුදුව සිටී තිදෙනෙකුගෙන් යුත් කල්ලියක් පොලිසිය වීසින් අත්අඩංගුවට ගෙන තිබේ.


මාලිගාවත්ත පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් සන්තකයේ මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් තිබූ බවයි.


මොවුන් සොරාගත් ත්‍රිරෝද රථවල යමින් මෙලෙස වායු සමීකරණ යන්ත්‍ර සොරා ගැනීම සිදුකරනු ලබයි. 


අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් සතුව වායු සමීකරණ යන්ත්‍ර 15 , ඒවා ගැලවීම සදහා භාවිතා කරන උපකරණ තොගයක් , ත්‍රීරෝද රථයක් සහ හෙරොයින් ග්‍රෑම් 10 පොලිස් භාරයට ගෙන තිබේ.


මාලිගාවත්ත ප්‍රදේශයේ සුපිරි වෙළඳසැල් දෙකක වායු සමීකරන සොරා ගැනීමේ සිද්ධීන් දෙකක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව විමර්ශන සිදු කරමින් සිටියදී මාලිගාවත්ත ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 10 සමග අත්අඩංගුවට ගත් පුද්ගලයකුගෙන් ලද තොරතුරකට අනුව වායු සමීකරන සොරාගැනීමේ මහා පරිමාණ ජාවාරමක සුලමුල අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලීසිය කියයි.