මව් පිය රැකවරණ අහිමි අවුරුදු 14 ක් වයසැති දැරියක් වරින් වර අපයෝජනය කළ ඇගේ සීයා කෙනෙකු ඇතුළු තිදෙනෙක් මොරගහහේන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


පොලිසිය පැවසුවේ එම දැරිය අපයෝජනය කළ තවත් කිහිපදෙනෙකු සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.



හොරණ මොරගහහේන ප්‍රදේශයේ සිය මිත්තණියගේ භාරයේ සිටි අවුරුදු 14 ක් වයසැති දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවුරුදු 80 ක් වයසැති එම දැරියගේ සීයා කෙනෙකු ඇතුළු තිදෙනෙක් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.



පොලිසිය පැවසුවේ අත්අඩංගුවට පත් සෙසු දෙදෙනා එම දැරියගේ නැන්දාගේ සහ ලොකු අම්මාගේ දරුවන් බවයි වාර්තා වන්නේ.



එම දැරියගේ බාප්පා බව පැවසෙන පුද්ගලයෙක් සහ පාසල් සිසුවෙක් ඇතුළු තවත් දෙදෙනෙක් අත්ඩඅංගුවට ගැනීමට නියමිත බවද පොලිසිය සඳහන් කරයි.