පිලිපීනයේ පැවති මාස්ටර්ස් මලල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට 71 හැවිරිදි මුලතිව් ප්‍රදේශයේ පදිංචි කාන්තාවක සමත් වී තිබේ.


ඒ පිලිපීනයේ පැවති මාස්ටර්ස් මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ අකිලා තිරුනායකී නමැති කාන්තාවයි.



එහි දී අකිලා මීටර් 1500 සහ 5000 ඉසව්වලින් රන් පදක්කම් හිමි කරගෙන ඇති අතර මීටර් 800 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් ව ඇත.



ඊට අමතරව, මීටර 400 ධාවන ඉසව්වේ ද ඇය සිව් වැනි ස්ථානයට පැමිණීමට සමත්ව තිබේ.


මුලතිව්, මුල්ලියාවලෙයි ගම්මානයේ පදිංචි ඇය විශ්‍රාමික බන්ධනාගාර නිලධාරිනියක් බවයි වාර්තා වන්නේ.