මාරවිල පොලිස් වසමේ මූදුකටුව ප්‍රදේශයේ දී ගංජා කිලෝ 06ක් වැගන් ආර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ (25) දිනයේ දි සිදුකළ වැටලීමක දී වෙන්නප්පුව මාරවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


අදාළ සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 42 සහ 27 යන වයස්වල පසුවන්නන් බවයි පොලීසිය සඳහන් කළේ. 


අදාළ සැකකරුවන් අද (26) දින මාරවිල මහේස්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.