චිත්තායිල් ප්‍රදේශයේ දී ගවසාතනය සහ අනවසර ඉඩම් අත්පත්කර ගැනීමකට එරෙහිව විරෝධය පෑ යාපනය විශ්වවිද්‍යාලයේ සිසුහු 06 දෙනෙක් ඊයේ (05) මඩකලපුව සන්ධිවේලි පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 

මඩකලපුව චිත්තාණ්ඩි කෝවිල ඉදිරිපිට දී එම ප්‍රදේශයේ ගොවීන් පිරිසක් විසින් ගව සාතනයට එරෙහිව සහ අනවසර ඉඩම් විවිධ පුද්ගලයන් විසින් බලහත්කාරයෙන් අත්පත්කර ගැනීමට එරෙහිව උපවාසයක් ආරම්භ කොට තිබුණි.

අදාළ උපවාසයට සහය ලබාදීම සඳහා යාපනය සහ මඩකලපුව සරසවිවල සිසුන් පිරිසක් විසින් උපවාසය පැවති ස්ථානයේදී විරෝධතාවක් පැවැත්වූ අතර විරෝධතාව අවසානයේදී පොලිසිය සන්ධිවේලි විසින් පොදු ප්‍රවාහනයට බාධා කිරිම යන චෝදනාවන් මත ඔවුහු අත්අඩංගුවට ගනු ලැබූහ. අත්අඩංගුවට ගත් සිසුන් පිරිස එරාවුර් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතර සිසුන් පිරිස බැලීම සඳහා දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර පොන්නම්බලම් ද ගොස් තිබුණු අතර, වැඩිදුර පරික්ෂණ කටයුතු සන්ධිවේලි පොලීසිය සිදු කරයි. මහතා