සපත්තු වවුචර් බෙදාදීම දෙසැම්බර් මස 4 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.


අද( 27) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.


ඔහු මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.



වවුචර පත් බෙදාදීම ලබන 27 වැනිදා අවසන් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.


දරුවන් හත් ලක්ෂ හතළිස් දහසකට වවුචර පත් බෙදා හරින බව පැවසූ අමාත්‍යවරයා දුෂ්කර අති දුෂ්කර සහ හුදෙකලා පාසල් මේ සඳහා තෝරාගෙන ඇතැයිද ප්‍රකාශ කළේය.