Slider

මම බඳින්නේ අවුරුදු 34යි. මට එයාගෙ අතීතය වැඩක් නැහැ.සචින් ප්‍රථම වරට ආදරය ගැන කියයි.



සචින් ලියනගේ කියන්නේ මේ දවස්වල බොහෝ තරුණියන්ගේ හිතේ ආකර්ෂණය ඇති කරවන්න සමත් වෙච්ච ආදරණීය කලාකරුවෙක්.කියාදෙන්න ආදරේ තරම් ටෙලි නිර්මාණයෙ ද්විත්ව චරිතයක් හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආපු ඔහුට  ගැහැණු ළමයි විශාල පිරිසක් ආදරේ කරනවා.

ඒ වගේම තමයි  සචින් තාමත් තනිකඩ ජීවිතයක්  ගත කරන කෙනෙක්.ඒ වගේම ඔහු කලාවට එන්න එන්නේ බොහොම දුක් බාධක කම්කටොළු මැද්දේ.ඒ සියලුම දේවල් එක්ක සචින් අදවනවිට කලාකරුවෙක් විදියට ජීවිතේ සුවිශේෂී තැනකට ඇවිල්ලා.කලා ජීවිතයේ විදියට සාර්ථක වෙද්දි තාම විවාහ වෙන්න අදහසක් නැද්ද කියලා අහපු අවස්ථාවකදී ඔහු ඒ ගැන කිව්වෙ මේ වගේ  වගේ කතාවක්.

"මේ අවුරුද්දට විසිහතක් මට.මගේ අදහස තියෙන්නෙ අවුරුදු 33 ,34 වෙනකම් බඳින්න කියන දේ.සම්බන්ධකමක් බලාපොරොත්තු වෙනවා මං ගාව නිතරම ඉන්න කෙනෙක් ගෙන්.මං ගාවට කවුරු ආවත් එයාගේ අතීතය මට වැඩක් නෑ.දැන් ඉන්න මනුස්සයට තමයි මම ආදරේ කරන්නෙ.ඒකත් එක්ක මට හයිය වෙන්න ඕනේ හැමදේකටම.මට ඉස්සරහට ගොඩක් දේවල් කරන්න තියෙනවා"

ඉතින් ඔන්න ඔය විදිහට තමයි සචින් පළමු වතාවට ආදරේ ගැන අහපුවාම විවෘතව පැහැදිලි පිළිතුරක් දීලා තිබුනේ.

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo