නිරුවතින් නිවාස තුළට ඇතුළු වී කාන්තා යට ඇඳුම් සොරකම සහ කාන්තාවන් නිදියන ආකාරය නරඹමින් සතුටු වන බව කියන පුද්ගලයකු අතුරුගිරිය ගහ පාර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි. එලෙස නිවාස තුළට ඇතුළු වී කාන්තා යට ඇඳුම් සමගින් සොරා ගත් ලක්ෂ තුනකට ආසන්න වටිනාකමක් ඇති ජංගම් දුරකථනයක් ද සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් අවස්ථාවේදී සොයාගෙන ඇත. 

පාර නේවාසිකාගාරයක අතුරුගිරිය පෝරේ බක්මීගහ කාලයේ ප්‍රදේශවල රාත්‍රී සැරිසරන නිරුවත් පුද්ගලයකු පිළිබඳව පැමිණිලි මත ලද තොරතුරක් අනුව සැඟව සිටියදී ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ඇතිව සැකකරු අත්අඩංගුවට ගත් බවත් මුහුණ පුරා රැවුල වවා සිටි සැකකරු එම අවස්ථාවේදී රැවුල කපා දමා සැඟව සිටි බවද පොලිසිය පවසයි

. ප්‍රදේශයේ ජනතාවට කාලයක සිට මහත් කරදරයක්ව පැවැති මෙම නිරුවත් පුද්ගලයා අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ප්‍රදේශයේ ජනතාව අත්පුඩි ගසමින් සිය සතුට පළ කළ බව ද අතුරුගිරිය පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලොන්නරුව සිරිපුර මීවත්පුර පදිංචිකරුවකු වන 27 හැවිරිදි කම්කරුවෙකි. 

විවාහකයකු වන සැකකරු තම ගම් පෙදෙසේ ද මෙවැනි කටයුතු වල නිරතව ඇති බැවින් ප්‍රදේශයේ තබා ගැනීමට නොහැකිව රැකියාවක් සඳහා කොළඹට පිටත් කර එවූ බව සැකකරුගේ බිරිය පොලිසියට ප්‍රකාශ කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයමත අතුරුගිරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරධි ප්‍රනාන්දු මහතාගේ උපදෙස් විමර්ශන අපරාධ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක ප්‍රේමලාල්, පොලිස් සැරයන්වරුන් වන (36709සුකුමාරන්, (38307) ජයසුන්දර, පොලිස් කොස්තාපල් (84898) හර්ෂ යන නිලධාරීහු පරීක්ෂණ