එළැඹෙන දෙසැම්බර් මස 26 වනදාට යෙදෙන උඳුවප් පුර පසලොස්වක පොහෝ දිනයෙන් මෙවර ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වන බව , ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යායේ කුලපති සබරගමු දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක හිමියන් නිල වශයෙන් නිවේදනය කළේය.


ඒ ඊයේ (09) නල්ලතන්නිය ග්‍රාම නිලධාරී කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.


එහිදී ශ්‍රී පාද වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැපයීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙසින් සාකච්ඡා වී තිබේ.



එසේම එම සාකච්ඡාවට එක් වූ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්නදන ගලබොඩ ජනතාවගෙන් ඉල්ලා සිටියේ ශ්‍රී පාද වන්දනාවට පැමිණීමේදී පරිසරයට හානිකර පොලිතීන්, ප්ලාස්ටික් ආදිය රැගෙන ඒමෙන් වළකින ලෙසයි.