2024 නොවැම්බර් වෙද්දි අලුත් ආණ්ඩුවක් ගෙන එන බවට පොරොන්දු වන බව ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය. ඒ අද දින නුගේගොඩ ප්‍රදේශයේ දි සංවිධනය කර තිබූ රැළියට එකවෙමිනි .


''කොල්ලකාරී ජන පීඩක ආණ්ඩුවට එරෙහිව '' යන මැයෙන් මෙම රැළිය සංවිධානය කර තිබිණි. 


එහිදී එළැඹෙන වසරේදි අලුත් ආණ්ඩුවක් ගෙන එන බව අනුර කුමාර දිසානායක ප්‍රකාර කර සිටියේය.


මෙවර අය- වැයෙත් ඇත්තේ සුපුරුදු විකිණීම, ණයට ගැනීම , හා බදු ගැසීම බවයි ඔහු කියා සිටියේ. 75 වසරක් මුළුල්ලේම ලැබූ ශාපය මෙය බවයි ඔහු පෙන්වා දුන්නේ. ඒ ශාපයේ දිගුවක් ලෙසයි මෙම අයවැය ඔහු පෙන්වා දුන්නේ.


එසේම රට ආර්ථිකව ගොඩ නැගීමේ එකම සැලැස්මක් ඇත්තේ තම පක්ෂයට බවයි අනුර කුමාර දිසානායක පැවසීය.