මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව දිවයිනේ ඉහළම ලකුණු ලබාගත් දරුවන් 05 දෙනෙකු පිළිබද තොරතුරු වාර්තා වී තිබේ.


ඔවුන් ලබාගෙන ඇති ලකුණු ගණන වන්නේ ලකුණු 198කි.


මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 332,949ක් පෙනී සිටි අතර ඉන් 50,664 දෙනෙකු කඩයිම් ලකුණු අබිබවා තිබේ.



විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ මෙවර කඩඉම් ලකුණු සීමාව ඉක්මවා ගිය දරුවන්ගේ ප්‍රතිශතය 15.22% වන බවයි.


පසුගිය වසරේ එම ප්‍රතිශතය වාර්තා වූයේ 14.64%ක් ලෙසටය.