අම්පාර කුමන ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩි තබාගෙන සියදිවි හානි කර ගෙන ඇත.


මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔහු සිය 16 හැවිරිදි දියණිය සමඟ බලහත්කාරයෙන් ලිංගික සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඒ පිළිබඳව හෙළිවීමෙන් සියදිවි නසාගන්නට ඇති බවයි.


මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ වයස අවුරුදු 36ක අම්පාර දමන පොලිස් වසමට අයත් කුමන පන්නල්ගම පදිංචිකරුවෙකු වන අතර


ඔහුගේ බිරිඳ මීට මාස 06කට පෙර ගෘහ සේවිකාවක ලෙස රැකියාවක් සඳහා විදෙස් ගත වී ඇත.


ඒ අතරතුර ඔහු සිය දියණිය සමඟ බලහත්කාරයෙන් ලිංගික සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඒ පිළිබඳව කිසිවෙකුටත් නොපවසන ලෙසටද ඇය බියවද්දා ඇති බවයි වාර්තා වී ඇත්තේ.



මේ පිළිබඳව දමන පොලීසියේ නිලධාරියෙකුට දැනගැනීමට ලැබී ඇති අතර ඒ ගැන සොයා බැලීමට අදාළ නිලධාරියා තවත් පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකුද සමඟ ගොස් ඇති බවයි සඳහන්.


එම අවස්ථාවේදී සැකකරු සිය නිවසේ මුළුතැන්ගෙය ආසන්නයේදී වෙඩි තබාගෙන සියදිවි නසා ගෙන ඇති අතර ඔහු භාවිත කර ඇත්තේ මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් බව පොලීසිය පවසයි