රටේ ශ්‍රම බලකායෙන් එක් පුද්ගලයෙක් 2023 වසරට වඩා රුපියල් 12,000ක මුදලක් බදු වශයෙන් ගෙවීමට සිදුවෙන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ කොළඹදී ප්‍රකාශ කළේය.


රජයේ සේවකයෙකුට රුපියල් 10,000ක් ලබාදීමට යෝජනා කළත් බදු වශයෙන් රාජ්‍ය සේවකයෙකුට රුපියල් 12,000ක් ගෙවන්න සිදුවෙන බවත් මන්ත්‍රීවරයා පැවැසීය.



2024 වසර වෙනුවෙන් එකතු වන බදු ආදායම රටේ ජනතාවගෙන් බෙදූ විට එක් පුද්ගලයෙක් පෙර වසරට වඩා රුපියල් 4650 ක් බදු වශයෙන් ගෙවිය යුතු බවත් කොළම විපක්ෂනායක කාර්්‍යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කීවේය.



2023 අයවැයේ යෝජනා 77 න් 69 ක් ක්‍රියාතමක කර නොමැති බවත් 2024 අයවැයෙත් යෝජනා 70 ක් තිබෙන බවත් මෙම යෝජනා ද ක්‍රියාත්මක කරයි කියා රටේ ජනතාව තුළ විශ්වාසයක් නැති බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.