මෙරට තුල ඉන්ධන බෙදාහැරීම සඳහා නැවත QR ක්‍රමවේදය හෝ වෙනත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමේ කිසිදු සැලැස්මක් නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.


ආණ්ඩුව, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාව QR ක්‍රමවේදය නැවත ගෙන ඒම සඳහා කිසිදු සාකච්ඡාවක් හෝ මේ දක්වා කර නොමැති බව යි අමාත්‍යවරයා පවසන්නේ.

පලස්තීනය සහ ඊශ්‍රායලය අතර මේ වන විට පවතින යුධමය තත්වය හේතුවෙන් ඉදිරියේදී ඉන්ධන අර්බුදයක් ඇතිවිය ඇති වේ යයි අනුමාන කර ආණ්ඩුව ඉන්ධන පරිභෝජනය සීමා කිරීමට ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR ක්‍රමවේදය නැවත ගෙන ඒමට සූදානම් වන වන බව ඇතැම් සමාජමාධ්‍ය පළකර තිබුණා.

මේ අතර ගාසා තීරයේ මතුවෙමින් ඇති යුද ගිනිදැල් මැද ලෝක බොර තෙල් මිල වැඩිවෙමින් පවතින බව විචාරකයෝ පෙන්වා දෙනවා.

පසුගිය සිකුරාදා බොර තෙල් බැරලයක මිල 5.7%කින් වැඩිවූ අතර එය සඳහන් වූයේ ඩොලර් 91.20ක් ලෙසයි.

විචාරකයින් පවසන්නේ ඊශ්‍රායෙල් - හමාස් අර්බුදය අනෙකුත් ප්‍රදේශවලටත් පැතිරයාමට ඉඩ ඇති බැවින් එය ලෝක බොර තෙල් වෙළෙඳපොළට සුබදායී පණිවුඩයක් නොවන බවයි.