ඊශ්‍රායලයේ පවතින යුද ගැටුම් හේතුවෙන් දහස් සංඛ්‍යාත දෙනා මිය යන පුවත් ගැන මේ වෙද්දී බොහෝ මාධ්‍ය මගින් වාර්තා කරනවා...


ඒත් එක්කම ශ්‍රීලාංකික කාන්තාවකටද ඒ ගැටුම් හේතුවෙන් දිවි අහිමි වූ පුවතක් අපට අසන්නට ලැබුණා...

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවක්.. තම මව ජීවතුන් අතර සිටින බව ඊශ්‍රායලයේ පවතින යුද ගැටුම් හේතුවෙන් මියගිය අනුලා රත්නායක මහත්මියගේ දියණිය පවසන බැවින් දේහය විද්‍යාත්මකව තහවුරු කර ගැනීම සඳහා ඇයගේ පවුලේ ළඟම ඥාතීන්ගේ ඩී.එන්.ඒ වාර්තා කැඳවීමට ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පියවර ගෙන තිබෙනවා....

ඒ අනුව අනුලා රත්නායක මහත්මියගේ දියණිය, පුත්‍රයා සහ මෑණියන්ගේ මෙන්ම දැනට කුවේටයේ සේවය කරන ඇයගේ සොහොයුරියගේ ඩී.එන්.ඒ වාර්තා කැඳවීමට පියවර ගෙන තිබෙන අතර ඊයේ ඒ සඳහා අවශ්‍ය සාම්පල ලබාදී තිබෙනවා...

එක් එක් රටවල මෙම ඩී.එන්.ඒ පරීක්ෂාව සිදුකරන ආකාරයේ යම් යම් වෙනස්කම් තිබෙන බව සඳහන් කළ තානාපතිවරයා ඒ අනුව අනුලා රත්නායක මහත්මියගේ සමීපතම ඥාතීන් ඩී.එන්.ඒ පරීක්ෂාව සිදුකරන රසායනාගාරයේ විශේෂඥයන් සහ අදාළ වාර්තා පරීක්ෂාවට ලක්කරන ඊශ්‍රායලයේ විශේෂඥයන් අතර, තොරතුරු හුවමාරුකර ගැනීම සඳහා තමා විසින් අවස්ථාව සලසාදුන් බවයි..