මෙම වසර තුළ ජල ගාස්තුවේ කිසිදු සංශෝධනයක් සිදුනොකරන බවට සහතික වන බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසයි.


ඔහු සඳහන් කළේ, අවසන් වරට ජල ගාස්තු සංශෝධනයක් සිදුකරනු ලැබුවේ 2023 අගෝස්තු මාසයේ බවය.


මැතිවරණ ඉලක්ක කර ගනිමින් යෝජිත ජල ගාස්තු සූත්‍රය පිළිබඳ සමාජය තුළ පැතිර යන කටකතා තරයේ ප්‍රතික්ෂේප කරන බව ජීවන් තොණ්ඩමන් අමාත්‍යවරයා සඳහන් කළේය.




ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවේය.


ආසියානු සංවර්ධන බැංකු සමඟ එක්ව සිදුකරනු ලබන සහයෝගී ප්‍රයත්නයක් ලෙස, ප්‍රතිපත්ති මත පදනම් වූ ජල ගාස්තු සකස් කිරීමක් සඳහා වන පිරිවැය ප්‍රතිසාධන සූත්‍රයක් හඳුන්වාදීම කිරීම කෙරෙහි මේ වනවිට අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇති බව ඔහු එහිදී වැඩිදුරටත් වැඩිදුරටත් සඳහන් කළේය.