නැගෙනහිර පළාතේ පාසල් වල තමන් උගන්වන විෂය එම පාසලේ සිසුන්ට පාසල් වේලාවෙන් බැහැරව හා සති අන්ත දිනවල මුදල් අයකර උපකාරක පංති පවත්වා ඉගැන්විම් කිරීම සම්පූර්ණයෙන් තහනම් කරමින් පළාත් අධ්‍යාපන ලේකම්වරයා චක්‍ර ලේඛයක් නිකුත් කර තිබේ. 


මෙම නියෝග කඩ කරණ ගුරැවරැන් සම්බන්ධයෙන් අධීක්ෂණය කිරීම සදහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට, විදුහල්පතිවරැන්ට,විෂය සම්බන්ධීකාරකවරැන්ට හා පාසල් අධීක්ෂණ නිලධාරීන්ට මෙම චක්‍ර ලේඛයෙන් බලය පවරා තිබේ.


 මෙම නියෝග කඩ කරණ ගුරැවරැන් සම්බන්ධයෙන් දෙමව්පියන් පැමිණිලි කරන්නේ නම් පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන ඒකකයට හෝ පැය 24 පුරා ක්‍රියාත්මක ආණ්ඩුකාර මහජන පැමිණිලි කාර්යාංශයේ 0267500500 යන දුරකතන අංකය අමතා පැමිණිලි ඉදිරිපත් කල හැකි බව එම චක්‍ර ලේඛයේ දැක්වේ . මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පලාත් අධ්‍යාපන ලේකම් නීතිඥ එච්.ඊ.එම්.ඩබ්.ගිතාංජන දිසානායක මහතා පවසන්නේ ගුරැවරැ තමන් උගන්වන විෂය එම පංතියේ සිසුන්ට පමණක් නොව සාමාන්තර ශ්‍රේණි වලටද මුදලට ඉගැන්වීම තහනම් බවයි.එසේ නොවුනහොත් ගුරැවරැ පංති හුවමාරැ කරගෙන මුදලට උපකාරක පංති පැවැත්විට පෙලඹෙන බව පලාත් අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් කීහ.