Slider

අරගල කාලසීමාවේදී ගෝඨාභය ගේ නිවස හමුවූ මුදල් ගැන තීරණයක් ගනී.

 


ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයේ කටයුතු කළ සමයේ ඔහුගේ නිල කාමරයේ තිබී අරගලකරුවන් විසින් සොයාගනු ලැබූ රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක මුදල සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගැනීමට තීරණය කර ඇතැයි අධිකරණයට දැනුම්දී තිබෙනවා. 

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසිනුයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට අද (18) මේ බව දැනුම් දී ඇත්තේ. 

මෙම සිද්ධියට අදාළව ඉදිරි විමර්ශන කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් මෙම තීරණය ගත් බව ද අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර තිබෙනවා. ජනාධිපති මන්දිරයේ තිබී මෙම මුදල් සොයා ගනු ලැබූවේ පසුගිය වසරේ ජුලි මස 9 වනදායි. ජනාධිපති මන්දිරය අත්පත් කර ගත් අරගලකරුවන් විසින් සොයාගනු ලැබූ මෙම මුදල් පසුව පොලිසියට බාර දෙනු ලැබුවා.

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo