පසුගිය කාල වකවානුව තුළදී බොහෝ දෙනෙක් කතා කළ මාතෘකාව බවට පත්වුණේ ටයිටන් සබ්මැරීනයේ ශෝකාන්තය. මුහුදු පතුල බලන්න ගියපු මේ ටයිටන් සබ්මැරීනය  මුහුදු  තුළම සැඟවෙයි කියලා කවුරුත් හිතුවේ නැහැ.

නමුත් අවාසනාවකට ඔවුන්ට සිද්දවුනේ මුහුදු පතුල යට ම ඇස් දෙක පියා ගන්න.ටයිටන් ශෝකාන්තය පිළිබඳව නොයෙකුත් අවස්ථාවන් වලදී අලුත් කතාවක් කතාවන් අලුත් තත්ත්වයන් පිළිබඳව විවිධ ප්‍රවෘත්ති හුවමාරු වුණා.

ඒ දේවල් අතරින් titan submarine ගැන ආයෙමත් සැරයක් අලුතෙන් ඇහෙන කතාවක් ගැන කියන්න තමයි මේ සූදානම. 

එයාකාරයෙන් මුහුදුබත් වූ සබ්මැරීනයේ යැයි සැලකෙන කොටස් සහ මිය ගියා යැයි සැකකෙරෙන පුද්ගලයන් ගේ අස්ථි කිහිපයක් නැවත වතාවක් සොයා ගැනීමට ඇමරිකානු වෙරළාරක්ෂක බලකාය ට හැකියාව ලැබිලා.

ඉතින් විදෙස් මාධ්‍ය සඳහන් කරන ආකාරයට එයාකාරයෙන් ගොඩ ගෙන එන ලද සබ්මැරීනයේ ඉතිරි අමතර කොටස් සහ ශරීර අවශේෂ ඇමරිකාවේ වරායකට රැගෙන ගොස් ඇත.ටයිල් අවශේෂයන් වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කර තිබෙන බවට සඳහන්.