න්නිවේදන කුළුණු ඉදිකරන  සමාගමක හිමිකරුවෙක් වශයෙන් කටයුතු කරන පුද්ගලයෙක් ඔහු අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය බිරිඳට සැපවත් ජීවිතයක් ගත කිරීමේ අරමුණෙන් හය දෙනෙකුගෙන් යුත් හොර කල්ලියක් මෙහෙයවූ අතර මෙම හොර කල්ලියේ සිවුදෙනකු මේ වනවිට පොලිස් අත්අඩංගුවට පත් වී ඇත.


දිවයිනේ විවිධ ප්‍රදේශවල වෙලද සැල් හා නිවාස බිඳ දමමින් රුපියල් කෝටි දෙකකට ආසන්න අධික වටිනාකමකින් යුක්ත ඇස් කණ්ණාඩි,රන් භාණ්ඩ,රූපවාහිනී යන්ත්‍ර සහ වාහන අමතර කොටස් ඇතුළු වූ භාණ්ඩ රැසක් ඔවුන් විසින් සොරකම් කර ඇත.


ඒ වගේම භාණ්ඩ අලෙවි ලබාගත් සුඛෝපභෝගී මෝටර් රථයක් ඉකුත්දා පොලිස් අත්අඩංගුවට ගත්බව කොට්ටාව පොලිසිය විසින් අනාවරණය කළේය.


අත්අඩංගුවට ගත් සැකකරුවන් අතුරුගිරිය හා උඩහමුල්ල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 23 ,48 වයස් කාණ්ඩවල පුද්ගලයන් බවද සඳහන්.

මීට අමතරව මේ හොර කල්ලියේ ප්‍රධාන සැකකරුගේ බිරිඳ හා තවත් පුද්ගලයෙක් මේ වන විටත් අතුරුදහන් වී ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ඉදිරි පොලිස් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත