සියලු ශ්‍රේණිවලට අදාළ විදුහල්පතිවරුන් 5000ක පමණ පිරිසක් සඳහා ලබන මාසයේදී පත්වීම් ලිපි භාරදෙන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් පවසයි.



රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එළඹෙන අයවැයේ දී ගුරුවරුන්ගේ වැටුප් වැඩිවීමක්ද සිදුවිය හැකි බවට විශ්වාස කරන බවයි.




බඳවා ගැනීමට නියමිත විදුහල්පතිවරුන්ගේ පත්වීම් ලිපි ලබන මස 4වැනිදාට භාරදීම සිදුකරන බව ද රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් වැඩිදුරටත් පැවසීය.