කියන්න යන්නේ කණගාටුවක් උපදවන තවත් කතාවක්...


පසුගිය දවසක කාසල් රෝහලේදී උපන් සය නිවුන් දරුවන්ගෙන් එක් අයෙක් අද මියගොස් තිබෙනවා... 

මෙලස මියගොස් ඇත්තේ බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේදීයි...

එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම දරුවාගේ පෙනහළු වෙත රුධිරය ගලායාම නිසා මෙම මරණය සිදුව ඇතැයි ළමා රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කළා...

ඉකුත් 15 වැනිදා මෙම දරුවන් ඉපදී ඇති අතර අඩු බර සහිතව උපන් මෙම දරුවන් සියලු දෙනා ඇතුළත් කෙරුණේ නොමේරූ ළදරු ඒකකවලටයි...