මැලේසියාවේ රිය අනතුරකින් මියගිය ශ්‍රී ලාංකික තරුණ ඉන්ජිනේරු යුවළගේ මෘත ශරීර අද මෙරටට රැගෙන ඒමට නියමිතයි.


ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සහ මාධ්‍ය ප්‍රකාශක ගාමිණි සෙනරත් යාපා සඳහන් කළේ, මේ වන විට එම මෘත ශරීර පිළිබඳ නීතිමය කටයුතු අවසන් කර ඇති බවයි.

ඉන්ජිනේරු යුවළගේ මෘත ශරීර සමග ඔහුන්ගේ සිවු හැවිරිදි දියණිය ද මෙරටට පැමිණීමට නියමිතයි.

මේ වන විට එම දැරිය ඇගේ ඥාතියකු සමඟ රෝහල් භාරයේ සිටිනවා.

මැලේසියාවේදී ඉකුත් 21 වැනිදා මෙලෙස රිය අනතුරකට මුහුණ පා මියගොස් තිබුණේ ගාල්ලේ, වඳුරඹ, ප්‍රදේශයේ පදිංචිව සිටි යුවලක්.