පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිලිබදව විමර්ශනය සිදුකළ ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීමේදී එය තම ජංගම දුරකථනයෙන් රූගත කළ චෝදනාවට වරදකරු වූ නීතිඥවරයකුගේ, නීතිඥභාවය මාස අටකට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) නියම කළා.  


 අදාල කොමිසමේ ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව පැවැත් වූ නඩු විභාගයකින් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණ.